FAST NEWS

24×7 Around the Globe

බ‍්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා ට බන්ධනගාරයෙන් පිටවීමට අවසර…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දූෂණ චෝදනා හේතුවෙන් 12 වසරක සිර දඬුවමකට යටත්ව සිටින බ‍්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා සිය මුණුබුරෙකුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට බන්ධනගාරයෙන් පිටව ගොස් තිබේ.
ඔහු පරනා ප‍්‍රාන්තයේ කුරිටීබා නුවර ෆෙඩරල් පහසුකම් සහිත සිර මැදිරියක රඳවා සිටියි.
අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන මෙන් ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුට ඉන් පිටව යාමට අවසර ලැබුණි.
ෆෙඩරල් පොලිසිය විසින් හිටපු ජනපතිවරයාව සා ඕ පවුලෝ ප්‍රදේශය වෙත රැගෙන යනු ලැබූ අතර , අවසන් කටයුතු සිදුකෙරුණු ස්ථානය අසළට ඔහුගේ ආධාරකරුවන් පිරිසක්ද එක්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ආසාදිත රෝගයකට ගොදුරු මෙලෙස මියගොස් ඇත්තේ ලූලා ද සිල්වාගේ පෙර විවාහයේ පුත‍්‍රයෙකුගේ දරුවෙකු වන 07 හැවිරිදි ආතර් නම් දරුවෙකි.