FAST NEWS

24×7 Around the Globe

බින්ලාඩන්ගේ පුතා සොයා දෙන අයෙක්ට අමෙරිකාවන් ඩොලර් මිලියනයක්.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (28) නිවේදනය කර තිබේ.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියේ  අල් කයිඩා නව නායකයා වශයෙන් 30 හැවිරිදි  වියේ පසුවන හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

හම්සා බින් ලාඩන් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ හෝ ඉරානයේ නිවාස අඩස්සියේ පසුවන බව අමෙරිකා බුද්ධි අංශය සැක පළ කරයි.