FAST NEWS

24×7 Around the Globe

නුවන් සොයිසා ක්‍රිකට් ආයතනයට එරෙහිව යයි..

(ෆාස්ට් ගොසිප් |කොළඹ) -අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මඟින් තමන්ට එල්ල කරන ලද චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම චෝදනා මත පදනම්ව ශ්‍රී ලංකාව තුළ නිසි පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් තම සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පිහිට පැතීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු යැවීමේ සහාය පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළ නුවන් සොයිසා කොළඹදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
“මට විරුද්ධව අයි.සී.සී.ය මඟිින් චෝදනා පත්‍රයක් නිකුත් කරලා තිබෙනවා. එම සියලුම චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මම කිසිම අවස්ථාවක දූෂිත කටයුත්තක් සිදුකළේ නැහැ. ක්‍රීඩාව පාවා දුන්නේ නැහැ. මා අතින් සිදුවූ එකම අතපසු වීම නම් හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවකුගේ ඉල්ලීම මත ඉන්දීය ජාතිකයකු මා සමඟ සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට දැරූ වෑයම සම්බන්ධයෙන් අයි.සී.සී.ය දැනුවත් නොකිරීම. කෙසේ වෙතත් පසුගිය වසරේ අග භාගයේදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාගේ සේවය අත්හිටුවීමටත් කටයුතු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා මම ගරු අභියාචනාධිකරණය ඉදිරියට ගියා.” යනුවෙන් පැවැසීය.
මෙම අවස්ථාවට අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාද එක්ව සිටියේය.