FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර සාකච්ඡාව එකඟතාවයකින් තොරව නිමා වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ හැනෝයි අගනුවර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
නමුත් නායකයන් දෙපළ විසින් සිදුකළ සාකච්ඡාව ඵලදායි එකක් වූ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
පසුගිය වසරේ දී ජුනි මාසයේදී ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයින් අතර පළමු සාකච්ඡාව සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර අද (28) පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡාවයි.