FAST NEWS

24×7 Around the Globe

නව සභාපති හදිස්සියේම අයි.සී.සී ය හමුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක‍්‍රිකට් වෙත අනත්ර්ජාතික ක්‍රිකට් කවුන්සියෙන් වාර්ෂිකව ලබාදෙන ඩොලර් මිලියන ගණනක මුදල හැකි ඉක්මනින් ලබා ගැනීම සඳහා අයි.සී.සී. ප‍්‍රධානීන් මුණ ගැසීමට නව ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මාධ්‍ය වෙත සඳහන් කළේය.
‘‘මෙතෙක් නොලැබුණු අයි.සී.සී. මුදල් ලබා ගැනීම සඳහා එහි ප‍්‍රධාන විධායක ඇතුළු නිලධාරීන් සමග මම සාකච්ඡා කරනවා. මම හිතනවා අපිට අනිවාර්යෙන්ම ඒ මුදල් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. මොකද දැන් නිලවරණයකින් පත්වුන කමිටුවක් තියෙන්නෙ. ඒ ක‍්‍රමය නොතිබුණ නිසා තමයි අයි.සී.සී.ය මුදල් ප‍්‍රමාද කළේ.’’
ඩුබායි නුවරදී පැවැත්වෙන අයි.සී.සී. ප‍්‍රධානීන්ගේ සාකච්ඡාවටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා හෙට (01) සහභාගි වීමට නියමිතය මෙම සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සහභාගි වීමට නියමිතව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.