FAST NEWS

24×7 Around the Globe

ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් යානා දෙකක් පාකිස්ථානය බිමහෙළයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ බවත් , මෙහිදී එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගත් බවත් පකිස්ථාන ආරක්ෂක අංශ නිවේදනය කරයි.
එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව එරට යුධ හමුදා ප්‍රකාශක මජ් ජෙන් අසීෆ් ගෆෝර් මහතා සදහන් කරයි.