FAST NEWS

24×7 Around the Globe

“හදට හදක්” භාරකාර අරමුදලට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 50ක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) හදවත් සැත්කම් සිදුකිරීමට අවශ්‍ය අසරණ රෝගීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “හදට හදක්” භාරකාර අරමුදල සඳහා රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම ඊයේ (26) සිදුකරනු ලැබීය.
ඒ , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය.
පසුගියදා “හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා එහිදී ලබාදුන් පොරොන්දුව අනුව මෙම මුල්‍ය ප්‍රදානය සිදු කෙරීය.
පොළොන්නරුව බෞද්ධ සංගමයේ ද දායකත්වය ඇතිව මෙම මූල්‍ය ප්‍රදානය සිදු කර තිඛෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන් වෙත පිළිගන්වනු ලැබීය.