FAST NEWS

24×7 Around the Globe

ඔෂදගේ පිතිකරණය ගැන ස්ටිව් රික්සන්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණූ අප්‍රිකාව සමඟ පැවති දෙවනහ ටෙස්ට් තරගයේදි හයේ පහර 02 ක්, හතරේ පහර 10 ක් සමඟින් පන්දු 106 කදී නොදැවී ලකුණූ 75 ක් රැස් කළ නවක ක්‍රීඩක ඔෂද ප්‍රනාන්දුගේ පිතිකරණය කැපී පෙනෙන විශිෂ්ට එකක් බව ශ්‍රී ලංකා පන්දු රැකිමේ පුහුණූකරු වු ස්ටීව් රික්සන් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
එසේම ඔහු එහිදි දැක්වු භූමීකාව ඇදහිය නොහැකි බවත් ආරම්භයේ සිටම දඟ පන්දු යවන්න්ට මැනවින් පහරදුන් බව හෙතෙම පෙන්වා දී ඇත.
දඟ පන්දුව දඟ කැවිමට පෙර එහි මාවතට පිවිස පහරදිමට ඔෂද ඉතා සමත්කමක් දක්වන බව හෙතෙම පෙන්වා දී තිබේ.
ඉන් දඟ පන්දු යවන්නා පුදුමයට පත් වන බවත් ඊළග කළ යුතු කුමක්දැයි පන්දු යවන්නාට වටහා ගැනිමට නොහැකි වන බවද රික්සන් මහතා සඳහන් කර තිබේ.
එහෙයින් දකුණූ අප්‍රිකාවෙන් තරඟය ශ්‍රී ලංකාව වෙත දොලනය වු බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත.