FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන්ගේ ඝාතන සැකකරුවන් ඉතාලියට පැනගොස්?

රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ පරීක්ෂණවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු හොර රහසේ ඉතාලියට පැනගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමත් සමග සැකකරුවන් ඉතාලියට පැනගොස් ඇති බව පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

තාජුදීන්ගේ පවුලට සමීප නීතිඥවරයකු ඉතාලියට ගොස් මේ සැකකරුවන් සිටින ස්ථාන ඇතුළු වැදගත් තොරතුරු රැසක් සොයා ගෙන ඇති අතර ඒවා මේ වනවිට රහස් පොලිසිය වෙත බාරදී ඇති බවයි වාර්තා වන්නේ.