FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකාටත් ලොකු තනතුරක්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නව රජයේ ප‍්‍රමුඛ තනතුරක් හිමිවනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධයෙන් නව ආයතනයක් පිහිටුවා එහි ප‍්‍රධාන තනතුර ඇයට මෙසේ භාරදෙනු ඇති බව වාර්තා වේ.

උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේද ඉල්ලීම් සලකා බලමින් මෙම ආයතනය පිහිටුවීමට ජනාධිපතිවරයාගේද අවධානය යොමුව ඇති බව සඳහන්ය.

25 රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර ජාතීන් අතර සංහිඳියාව සහ සාමය ගොඩනැගීමේ අරමුණෙන් ඇයට මෙම තනතුර ලබාදෙනු ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.