(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණූ අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කිරිම සඳහා දෙවැනි තරගයේදි ලකුණූ 163 ක සම්බන්ධතාවයක් ගොඩ නැගු කුසල් මෙන්ඩිස් සහ ඔෂද ප්‍රනාන්දු අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමීණිමට සමත්ව තිබේ.
ඒ අනුව දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේදි නොදැවි අගනා ලකුණු 84 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් පියවර 11 ක් ඉදිරියට පැමීණෙමීන් ශ්‍රේණීගත කිරිම්හි 18 වැනි ස්ථානයට පත්ව තිබේ.
එසේම නොදැවි ලකුණූ 75 ක් ලබාගත් ඔෂද ප්‍රනාන්දු පියවර 35 ක් ඉදිරියට පැමීණෙමීන් එම ශ්‍රේණීගත කිරිම්හි 65 වැනි ස්ථානය පත් විමට සමත්ව තිබේ.
දකුණූ අප්‍රිකාව සමග දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදි ලකුණූ 42 ක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල පියවර 08 ක් ඉදිරියට පැමීණෙමීන් 37 වැනි ස්ථානයටත්, පියවර 03 ක් ඉදිරියට පැමීණෙමීන් 98 වැනි ස්ථානයට පත් විමටත් ළහිරු තිරිමාන්න සමත් වි තිබේ.
අන්තර්ජාතික ටෙස්ට් පන්දු යවන්නගේ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමීණිමටද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කිහිපදෙනක් සමත්ව තිබේ.
ඒ අනුව සුරංග ලක්මාල් පියවර 03 ක් ඉදිරියට පැමීණෙමින් 30 වැනි ස්ථානයටත්, පියවර 06 ක් ඉදිරියට පැමීණෙමීන් 43 වැනි ස්ථානයට පත් විමටත් විශ්ව ප්‍රනාන්දු සමත්ව තිබේ.
එසේම කසුන් රාජීතද පියවර 08 ක් ඉදිරියට පැමීණෙමින් එම ශ්‍රේණීගත කිරිම්හි 51 වැනි ස්ථානයට පත් විමට සමත්ව තිබේ.
එසේම 2-0 ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය පරාජයට පත් විමත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායම් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණීගත කිරිම්හි දෙවන ස්ථානයේ (110) සිට තෙවැනි ස්ථානයට (105) පත්ව තිබේ.
එසේම තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණූ 04 ක් එක්වි ලකුණූ 93 ක් දක්වා ලකුණූ ප්‍රමාණය ඉහළ ගියද එම ශ්‍රේණීගත කිරිම්හි 06 වැනි ස්ථානයේම රැඳි සිටිමට සිදුව තිබේ.








