FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තවත් 137 ක් පසු පසින්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 02ට ලකුණු 60ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව තවත් කඩුලු 8ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 137ක් ජයග්‍රහණය වෙනුවෙන් රැස්කළ යුතුව ඇත.
දිනය අවසන් වන විට නොදැවි පන්දුවට පහරදෙමින් සිටි ඔෂද ප්‍රනාන්දු ලකුණු 17 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියහ.
ලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 07ක් පමණි