(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පොර්ට් එලිසබෙත්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) දෙවන දිනයේ දිවා ආහරය සඳහා අත්හිටුවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණූ අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවි ලකුණු 10 ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණූ 78 ක් ඉදිරියෙන් සිටිමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත්ව සිටියි.
ලකුණූ පුරුව..
+++++++++++++(update)
ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන්..
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පොර්ට් එලිසබෙත්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154 කට දැවි ගියේය.
ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණූ 222 ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණූ 68 ක් පසු පසින් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක් ලබා ගත්තේය.
දකුණූ අප්‍රිකාව වෙනුවෙන් කාගිසෝ රබාඩා කඩුලු 04 ක් දවා ගැනිමට සමත් විය.
ලකුණූ පුරුව..









