FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව විසින් සිදුකරන ඕනම ආක්‍රමණයකට ඉම්රාන් ඛාන් සූදානමින්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඉන්දියාව විසින් සිදුකරනු ලබන ඕනෑම ආක්‍රමණයකදී තීරණාත්මක සහ පරිපූර්ණ ප්‍රතිචාරක් දැක්වීමට පාකිස්තානය සූදානම් බවයි.
ඒ සඳහා පාකිස්තාන ආරක්ෂක හමුදා වෙත පූර්ණ බලතල පවරා ඇති බවත් පාකිස්තාන් අගමැතිවරයා සදහන් කරයි.
පසුගියදා ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරයට පාකිස්තානය කවරාකාරයකින් හෝ සම්බන්ධ නොමැති බවත් , එය කාශ්මීරය තුළම සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති ප්‍රහාරයක් බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.
කෙසේ නමුත්, පාකිස්තානය කේන්ද්‍ර කොට ගත් ජයිෂ් – ඉ – මොහොමඩ් ත්‍රස්ත කල්ලිය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව, පාකිස්තානය වෙත ඍජුවම චෝදනා එල්ල කරයි.