FAST NEWS

24×7 Around the Globe

මහබැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මාර්තු 01 වනදා සිට පහත හෙළයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) වාණිජ බැංකු සඳහා බල පවත්වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මාර්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 5% දක්වා පහත හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
දේශීය ආර්ථිකයේ සහ ගෝලීය වෙළදපොළ වත්මන් ප්‍රවනතාවන් මෙන්ම අපේක්ෂිත වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බව මහබැංකුව ප්‍රකාශ කරයි.
ඒ වගේම මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් එම මට්ටම්වලින් පවත්වා ගැනීමටත් එහිදී තීරණය වී ඇත.
ඒ අනුව ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 8% ක් සහ ස්ථාවර නිකුතු පොලී අනුපාතය 9% ක් ලෙස ක්‍රියාත්මක වෙයි.