(ෆාස්ට් නිව්ස් | කොළඹ ) දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ ජයගහ්‍රණයෙන් අනතුරුව කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් පුහුණූකරු චන්දික හතුරුසිංහට සහය පල කරමීන් සිය අදහස් පල කර සිටියේ, එම තරඟයට පෙර හතුරුසිංහ මහතාව ක්‍රිකට් තේරිම් කමීටුවේ සමාජීකත්වයෙන් ඉවත් කිරිම හේතුවෙන් බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර තිබේ.
තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් ජය සමරමීන් සිදු කළ ප්‍රකාශ සහිත ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමීන්, දෙවැනි තරගයට පෙරාතුව පැවැත්වුණූ මාධ්‍ය සාකච්ඡාවේදි හෙතෙම මේ බව සඳහන් කර තිබේ.
එකිනෙකාට සහයෝගය දීම අත්‍යවශය කරුණක් බවත්, පුහුණුකරු හොදින් සිය කාර්යය ඉටු කරන බවද ,සෑම විටම ඔහු ක්රීඩකයන්ට යමක් දීමට උත්සාහ කරන බව දිමුත් කරුණාරත්න පෙන්වා දී තිබේ.
එසේම නායකයා වශයෙන් කණ්ඩායමේ එකිනෙකා එකිනෙකාට වඩාත් හොඳින් සහයෝගය ලබාදීම අපේක්ෂා කරන බවත් එ අනුව මෙවැනි ප්‍රකාශයන් සිදුවන්නට ඇති බවද හෙතෙම කියා ඇත.
ක්‍රීඩකයින් පුහුණූකරුට සහාය දිය යුතු බවත් පුහුණුකරුගේ තරග සැලසුම අවබෝධ කරගත යුතු බවද දිමුත් සඳහන් කර ඇත.
එම යහපත් සන්නිවේදනය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වඩා යෝග්‍ය වන බවත් හෙතෙම මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර තිබේ.