FAST NEWS

24×7 Around the Globe

මෙවර යාන්ඔය ජලාශයෙන් අක්කර 10,500 කට ජලය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මෙවර යළ කන්නයේදී යාන්ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දූ කුඹුරු අක්කර 10,500 ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර සිටියි.
යාන් ඔය ජලාශයේ සිට පදවිය දක්වා කිලෝමීටර 18 ක් වම් ඉවුර ඉදිකරනු ලබන ඇළ මාර්ගයේ වැඩකටයුතු අගෝස්තු මස වනවිට නිමකළ හැකි බවත් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.