(ෆාස්ට් නිව්ස් – කොළඹ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පරාජය පත්ව තිබේ.
ඒ අනුව අද (21) පැවති නිලවරණයේදි ඔහුව පරාජය කරමින් රවීන් වික්‍රමරත්න හා කේ.මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.
මෙහිදි අර්ජුන රණතුංග මහතා ලබා ගැනිමට සමත්ව ඇත්තේ ඡන්ද 72 ක් පමණක් වන අතර රවීන් වික්‍රමරත්න මහතා ඡන්ද 82 ක් හා කේ.මතිවානන් ඡන්ද 80 ක් ලබා ගැනිමට සමත්ව තිබේ.
එසේම ඡන්ද 96 ක් ලබා ගනිමීන් මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ ලේකම් තනතුරට පත්ව ඇත ප්රතිවාදියාවු නිශාන්ත රණතුංග මහතාට ලබා ගැනිමට හැකිව ඇත්තේ ඡන්ද 45 ක් පමණි.







