(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද (21) පොර්ට් එලිසබෙත්හිදි ආරම්භ වීමට නියමීතය.
මෙම තරඟය සඳහා අබාධයකට ලක්ව සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් පිලැන්ඩර් ක්‍රීඩා නොකරන බවත් එ වෙනුවට වයන් මුඩ්ලර් ක්‍රීඩා කරනු ඇති බවත් කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
එසේම පෙර පුහුණූ සැසියක් අතරතුරදි අබාධයකට ලක්වු ශ්‍රී ලංකා ක්‍රිඩක කුසල් මෙන්ඩිස් අද (21) තරඟයට සහභාගි වීම අවසන් මොහොත කෙත් අවිනිශ්චිත බවත් එ වෙනුවට ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කරනු ඇති බවත් කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
අද (21) තරඟ සඳහා ක්‍රීඩා කෙරනු ඇතැයි පැවසෙන අවසන් 11 දෙනාද කණ්ඩායම් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1 දිමුත් කරුණාරත්න (නායක), 2 ළහිරු තිරිමාන්න, 3 ඔෂධ ප්‍රනාන්දු, 4 කුසල් මෙන්ඩිස්/ඇන්ජලෝ පෙරේරා, 5 කුසල් පෙරේරා, 6 නිරෝෂන් දික්වැල්ල (කඩුලු), 7 ධනංජය ද සිල්වා, 8 සුරංග ලක්මාල්, 9 ලසිත් ඇඹුල්දෙණිය, 10 කසුන් රාජීත, 11 විශ්ව ප්‍රනාන්දු
ෙදකුණූ අප්‍රිකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1 ඩීන් එල්ගර්, 2 අයිඩ්න් මාක්රාම්, 3 හෂීම් අම්ලා, 4 ෆප් ඩු ප්ලෙසිස් (නායක), 5 ටෙම්බා බවුමා, 6 කුවීන්ටන් ඩී කොක් (wk), 7 වයන් මුඩ්ලර්, 8 කෙෂව් මහරාජ්, 9 කාගිසෝ රාබාඩා, 10 ඩේල් ස්ටෙන්, 11 ඩුනේ ඔලිවර්
තරඟය පැවැත්වෙන පොර්ට් එලිසබෙත්හි සාන්ත ගොර්ජ් පාක් ක්‍රීඩාංගණයේ තණතිරුව මන්දගාමී තණතිරුවක් වන නමුත් අවසන් වතාවට ක්‍රීඩා කිරිමේදි කාගිසෝ රාබාඩා ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟයේදි කඩුලු 11 ක් දවා ගැනිමට සමත්ව තිබේ.