FAST NEWS

24×7 Around the Globe

ගෙල්ගේ ශතකයට රෝයිගේ හා රූට්ගේ ශතක එරෙහි වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (20) බාබඩොස්හිදි පැවති පළමු එක්දින තරඟයෙන් කඩුලු 06 ක ජයක් වාර්තා කිරිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දින පළමුව ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 360 ක් ලබා ගත්තේය.
මෙහිදි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගෙල් ලකුණූ පන්දු 129 කදී ලකුණූ 135 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 04 කදී ලකුණු 364ක් ලබා ගනිමීන් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
මෙහිදි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේසන් රොයි ලකුණු 123 ක් හා ජො රූට් ලකුණූ 102 ක් රැස් කළේය.
තරඟ පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවන තරගය හෙට (22) බාබඩොස්හිදිම පැවැත්වීමට නියමීතය.
ලකුණු පුරුව..