FAST NEWS

24×7 Around the Globe

විශ්ව හා ළහිරු ගැන සන්සන්දනය කර ලක්මාල්ගෙන් ප්‍රකාශයක්..

දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග නිමාවු පළමු ටෙස්ට් තරගයේදි කඩුලු 08 ක් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු, කණ්ඩායමට දැඩි අවශ්‍යතාවයක්ව පැවති වමත් වේග පන්දු යවන ක්‍රීඩකයෙක්ගේ අඩුව පිරවු බව වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
වමත් දකුණත් සංයෝජනයක් සහිතව පන්දු යැවිම කඩුලු දවා ගැනිමට බෙහෙවින් උපකාරී වන බවත් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරිමටත් ඉවහල් වන බවත් පවසා ඇත.
දකුණූ පන්දු යවන්නන් තිදෙනෙක් පන්දු යැවිමට වඩා විශ්ව සමග පන්දු යැවිමට හැකි විම වාසි සහගත බවත් හෙතෙම කියා ඇත.
ළහිරු කුමාරගේ ඇත්තේ වේගවත් බව පමණක් බවත් විශ්ව ප්‍රනාන්දුට වේගය හා කෝණය දෙකම ඇති බවද සුරංග ලක්මාල් පෙන්වා දී තිබේ.
ඔහුට අවස්ථාවක් ලැබි ඇති බවත් ඔහු දිගටම සිය දක්ෂතා අතර සිටිනු ඇති බවට තමා විශ්වාසය පල කරන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.