FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් මුල් පුටු සටන ජයන්ත හා ශම්මී අතර පමණයි..

හෙට (21) දිනයේ පැවැත්විමට නියමීකත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග තරග වැදිමට නියමීත එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්ව තිබේ.
ක්‍රිකට් ආයතන සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව ඔහු අධිකරණයට ගිය නමුත් අද (20) අධිකරණයේ දී ධර්මදාස පාර්ශ්වයේ එකඟතාව මත මොහාන් ද සිල්වා මහතා ක්‍රිකට් ලේකම් තනතුරට තරග කිරීමට එකඟ විය.
මේ අනුව ෂම්මි සිල්වා මහතා සහ ජයන්ත ධර්මදාස මහතා අතර පමණක් ක්‍රිකට් සභාපති ධුරයට හෙට (21) ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ජාතික ස්කෝෂ් ක්‍රීඩකයෙකු හා ජාතික ස්කොෂ් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇති ක්‍රීඩා පරිපාලනයේ දක්ෂයෙකු වන ශම්මි සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ සී.සී.සී. කණ්ඩායම මෙවර ප්‍රීමියර් ලීග් ශුරතාවය දිනා ගත්තේය.