FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – පාකිස්ථාන ගැටළුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ කණගාටුව..

ඉන්දීයාව සහ පාකිස්ථානය අතර වර්ධනය වෙමින් පවතින ගැටළු තත්වය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර සිටියි.
මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මැදිහත්වීමට එය සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හට හැකි බව එහි මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරෙක් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
දෙපාර්ශවයෙන්ම උපරිම ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත්, ජනතාවගේ ජීවිත අනතුරේ නොදැමීම යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් කියා සඳහන් කර තිබේ.
මේ අතර සිදුවී තිබෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවත්වන්නැයි, ඉන්දියාව පකිස්ථානයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා විය.
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පවසා තිබුණේ ඉන්දියාවෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදනම් බව, කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තාන බුද්ධි අංශ ඒජන්සියක් සම්බන්ධ බවට ඉන්දීය ආරක්ෂක අංශ කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් සඳහන් කර ඇති බවත් කියැවේ.