හෙට (21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතාට ලේකම් තනතුර සඳහා ද රවීන් වික්‍රමරත්න මහතාට උප සභාපති සහ සහකාර ලේකම් තනතුරු සඳහා ද තරග වැදීම සඳහා බාධාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (20) අභියාචනාධිකරණයට දන්වා සිටි බව අධිකරණ වාර්තාකරු කියයි.
ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද (21) කැඳවු අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මොහාන් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා ඉදිරිපත් කළ බවත් රවීන් වික්‍රමරත්න මහතා විසින් එම ආයතනයේ උප සභාපති ධුරයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ බව එහෙත් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දු කර ඇතැයි පවසන පෙත්සම්කරුවන් මෙසේ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව සිය පෙත්සම් මගින් අවධාරණය කර තිබේ.
මේ හේතුවෙන් ප්‍රතික්ෂේප කළ තමන්ගේ නාමයෝජනා යළි බාර ගෙන තමන්ට නිලවරණයට තරග කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට නියෝගයක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරන මෙන් ද එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.
වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීමට බාරදුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම කර තිබුණද ඔහුට එම ආයතනයේ ලේකම් ධුරය සඳහා තරග කිරීමට බාධාවක් නොමැති බවත් ,ඒ අනුව ලේකම් තනතුර සඳහා ඔහු විසින් බාරදුන් නාමයෝජනා පත්‍රය පිළිගෙන තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය වෙත දන්වා සිටියේය.
එමෙන්ම පෙත්සම්කාර රවීන් වික්‍රමරත්න මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ නියෝජ්‍ය ලේකම් යන තනතුරුවලට තරග කිරීමට බාධාවක් නොමැති බවත් එම තනතුරු සඳහා ඔහු විසින් බාරදුන් නාමයෝජනා බාර ගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණය හමුවේ දැනුම් දුන් එම සමථය සටහන් කරගත් විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව නිලවරණ කමිටුව දැනුවත් කරන මෙන් ද අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම වැඩිදුර පෙත්සම් සලකා බැලිම මාර්තු මස 21 වනදා සිදු කරන බව අධිකරණය නියෝග කළේය.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.