සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරග තුනකින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය 3-0 ලෙස ජයහ්රගහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඩුනේඩින්හිදි අද (20) පැවති තෙවැනි තරගයෙන් ලකුණූ 88 ක් ජයක් වාර්තා කරමීන් නවසීලන්තය මෙම ජයග්රහණටය වාර්තා කිරිමට සමත් විය.
කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවි ලකුණු 330 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 47 යි පන්දු 02 කදී සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 242 ක් පමණි.









