FAST NEWS

24×7 Around the Globe

2019 IPL තරගාවලියේ මාලිංග ක්‍රීඩා කරන තරග මෙන්න..

2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා සති දෙකකට අදාළව කාලසටහන නිකුත් කිරිමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ.
ඒ අනුව මාර්තු 23 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා කාලසටහන නිකුත්ව තිබේ.
2019 ඉන්දීය ලොක් සභා මැතිවරණය සම්බන්ධ දින ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව ඉතිරි තරග කාල සටහන නිකුත් කෙරෙන බවද සඳහන්.
මේ අනුව මාර්තු 23 වැනිදා චෙන්නායි සුපර් කිංගස් හා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්යම් අතර තරගයෙන් තරගාවලිය ආරම්භ විමට නියමීතය.
එසේම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගාවලිය යටතේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම වෙත ක්‍රීඩා කිරිමට නියමීත අතර එම කණ්ඩායමට නිකුත්ව ඇති තරග කාලසටහනේ තරග 04 ක් වෙන්ව තිබේ.
මේ අනුව මාර්තු 24,28,30 හා අප්‍රේල් මස 03 න් වැනිදා මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මුහුණ දෙන තරග පැවැත්වෙයි.
ඒ අනුව පිළිවෙලින් දිල්ලි කැපිටල්ස්,රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්,කිංග්ස් ලෙවන් පන්ජාබ් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග මෙම තරග 04 පැවැත්විමට නියමීතය.