FAST NEWS

24×7 Around the Globe

සිමෙන්ති මීල ඉහළට

කිලෝ 50ක් වූ සිමෙන්ති කොට්ටයක මිල එම සිමෙන්ති සමාගම් විසින් ඉකුත් සෙනසුරාදා (16) සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 100 කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව සී/ස ඉන්සි (සංස්ථා) සහ ටෝකියෝ යන සිමෙන්ති නිෂ්පාදන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ මිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබේ.
ඇමෙරිකන් ඩොලරයේ අගය ඉහළ යෑම හා ඒ නිසාම සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන එම සිමෙන්ති නිෂ්පාදන සමාගම් මෙම ඉල්ලිම සිදු කර තිබේ.