FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන සංචාරය නිමවා සල්මාන් කුමරු අද (19) ඉන්දියාවට..

සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය පාකිස්තාන සංචාරය නිමවා අද (19) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙහි විශේෂත්වය වන්නේ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අවස්ථාවක ඔහු ඉන්දියාවට පැමිණීමයි.
පාකිස්ථාන සංචාරයේදී සල්මාන් කුමරු එරට දැවැන්ත ආයෝජන සිදුකිරීම සඳහා ගිවිසුම්වලට එළඹුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.