FAST NEWS

24×7 Around the Globe

අලුගෝසු තනතුරට ඇමරිකානුවෙක් ඉල්ලුම් පත‍්‍රයක් එවයි…

ශ‍්‍රී ලංකාවේ යළිත් වරක් එල්ලුම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත‍්‍ර කැඳවනු ලැබීය.
ඒ සඳහා ඇමෙරිකන් ජාතිකයකු ඉල්ලුම් පත‍්‍රයක් එවා ඇති බව බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා සිතන බව ද දන්වමින් අදාළ විදේශිකයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් අයැදුම් පත‍්‍රයක් එවා තිබේ.
ඒ වගේම ඔහු සදහන් කරන්නේ මෙම තනතුර සඳහා ශ‍්‍රී ලංකාවේ පුද්ගලයකු යොදා ගන්නවාට වඩා තමා යොදා ගැනීම වැදගත් බවයි.