FAST NEWS

24×7 Around the Globe

කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි…

පසුගියදා ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පුරා වෙසෙන කාශ්මීර වැසියන්ට විවිධ තර්ජන එල්ලවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ ආකාරයේ සිද්ධීන් වාර්තාවීමත් සමඟ කාශ්මීර වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත වෙත දැනුම්දී තිබේ.
ප්‍රහාරයෙන් පසු කාශ්මීර වැසියන් ප්‍රහාරවලට ලක්වීමේ සිද්ධිවලට එරෙහිව කාශ්මීරයේ හර්තාලයක් ආරම්භවී ඇති අතර, එහි ඇඳිරිනීතිය පනවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය සමඟ තරඟ නොවැදිය යුතු බව ඉන්දීය ක්‍රිකට් සමාජය පවසයි.