FAST NEWS

24×7 Around the Globe

කුසල් – විශ්ව ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට..

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස් තරගයේදි පළමු ඉනිමේදි ලකුණු 51 ක් සහ දෙවන ඉනිමේදි නොදැවි ලකුණු 153 ක් ලබාගත් කුසල් ජනත් පෙරේරා ,නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්හි පියවර 58 ක් ඉදිරියට පැමීණේමීන් 40 වැනි ස්ථානයට පත්විමට සමත්ව තිබේ.
එසේම පිතිකරු ශ්‍රේණිගත කිරිම්හි පියවර 06 ක් ඉදිරියට පැමීණේමීන් 57 වැනි ස්ථානයට පත් විමට ධනංජය ද සිල්වා සමත්ව සිටියි.
දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදි ඉනිම දෙකෙදිම කඩුලු 08 ක් ලබාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක විශ්ව ප්‍රනාන්දු අයි.සී.සී ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්හි පියවර 26 කි ඉදිරියට පැමීණේමීන් 49 වැනි ස්ථානයට පත් විමට සමත්ව ඇත.
එසේම එම ශ්‍රේණිගත කිරිම්හි පියවර 10 ක් ඉදිරියට පැමීණේමීන් 59 වැනි ස්ථානයටත් පත් විමට කසුන් රාජීත සමත්ව ඇති අතර, සිය පළමු තරගයට ක්‍රීඩා කරමින් දෙවැනි ඉනිමේදි කඩුලු 05 ක් දවාගත් ලසිත් අරඹුල්දෙණිය 68 වැනි ස්ථානයට පත්සිව සිටියි.