FAST NEWS

24×7 Around the Globe

එවරස්ට් කන්ද තරණය කිරීම චීනයෙන් තහනම් කරයි…

කඳු නැගීම සඳහා අවසර නොලත් පුද්ගලයින් හට සිය සීමාවට අයත් එවරස්ට් කන්ද තරණය කිරීම තහනම් කිරීමට චීනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් වාර්තා පැවසුවේ කඳුමුදුනේ කැලිකසල එක් රැස් වීම නිසා සිදුවන පාරිසරික හානි වැළැක්වීමේ අරමුණින් චීනය මෙම පියවර ගෙන ඇති බවයි.
එවරස්ට් කන්ද තරණය කරන බොහෝ පිරිසක් නේපාල දේශ සීමාව හරහා කඳු මුදුනට ලගා වුවත් ඉකුත් වසර කිහිපය තුළ ඇතැමුන් චීන දේශසීමාව හරහා එවරස්ට් කන්ද තරණය කිරීමේ ප‍්‍රවණතාවක් දක්න ලැබුණු බවත් චීනය පවසයි.