ඩුබාබායිහිදී අත්අඩංගුවට පත් ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන දෙදෙනා ඇතුළු 15ක පමණ පිරිසක් ලබන 27 වැනි දා වන විට මුදා හරිනු ඇතැයි ඩුබායිහි ආරංචි මාර්ග කියයි.
ඇතැම් විට මහාධිකරණයට ඉදිරිපත් නොකරම මුදා හැරීමට වැඩි ඉඩක් ඇතැයි ද, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ නදීමාල් යන දෙදෙනාගේ ඩුබායි ගමන් තහනම් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට එරට නීතීඥවරුන් කිහිප දෙනෙකු පත් කර ඇතැයි ද නීතීඥ උදුල් පේමරත්න මහතා පැවසීය.
නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා සහ නීතීඥ උදුල් පේමරත්න මහතා පසුගිය දෙදිනක් මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අමල් පෙරේරා සමඟ සාකච්ඡා කර තිබේ.
ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි චෝදනා එල්ල වී නැති නිසාත්, ඔවුන් ඩුබායි වෙත පැමිණියේ ගායකයන් ලෙස බවට ඩුබායි පොලිසිය පිළිගැනීම නිසාත් ඔවුන්ට දඩයක් වැනි ලිහින් දඬුවමක් ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හා අමල් පෙරේරා මහතා අතර සම්බන්ධයක් ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බව අමල් පෙරේරා ප්‍රකාශ කළේ යැයි නීතීඥ උදුල් පේමරත්න මහතා කීවේය.
මිතුරකුගේ කටයුත්තකට කාර්යාලයට ගොස් මීට වසර තුනකට පමන පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී ඇති බව හා ඉන් පසු කිසිම සම්බන්ධයක් නොතිබුණු බව අමල් පෙරේරා ප්‍රකාශ කළේයැයි ද නීතීඥවරයා සඳහන් කළේය.
අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක් කරනු ඇති බව ද ඔහු කීවේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.