FAST NEWS

24×7 Around the Globe

උක් වගාකරුවන්ගේ ගැටලු විසඳන්න විශේෂ කමිටුවක්..

 

අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී තිබෙන ගැටලුව සම්බන්ධව පූර්ණ අධීක්ෂණයකින් අනතුරුව ඊට නිසි විසදුම් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා තීරණය කර ඇත.
ඒ අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධව දැනුම්වත් කොට ඊට අදාළ විසඳුම් ලබා ගැනීමේ අරමුණින් අමාත්‍යවරයා එම වගාකරුවන්ගේ නියෝජිතයන් පිරිසක් සමග ඊයේ (14) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඔවුන්ගේ ප්‍රධානතෙම ගැටලුව වූයේ උක් වගාව තුළින් ආර්ථික වශයෙන් පාඩු ලබන්නට සිදු වීමත් එම ඉඩම්වල වී වගාව සඳහා අවසර ලැබෙන්නේ නම් ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දමාගත හැකි බැවින් ඊට අවශ්‍ය අවසරය ලබා ගැනීමත්ය.