FAST NEWS

24×7 Around the Globe

දෙවන දිනය අවසානයේ – දකුණු අප්‍රිකාව ලකුණූ 170 ක් ඉදිරියෙන්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගය ඊයේ (14) දෙවන දිනයට අත්හිටුවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමීන් සිටි කඩුලු 04 ක් දැවි ලකුණූ 126 ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා කඩුලු 06 ක් අතැතිව ලකුණු 170 ක් ඉදිරියෙන් සිටිමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත්ව සිටියි.
දකුණූ අප්‍රිකාව සිය පළමු ඉනිමට ලකුණූ 235 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 191 කට සිමා විය.
දිනය නිමා වන විට කඩුල්ලේ රැඳි සිටි ෆප් ඩු ප්ලේසිස් ලකුණූ 25 ක් සහ කුවීන්ටන් ඩී කුක් ලකුණූ 15 ක් ලබා සිටියහ.
පන්දු යැවිමෙදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දේණිය කඩුලු 02 ක් දවා ගැනිමට සමත් විය.