FAST NEWS

24×7 Around the Globe

දෙවන දිනයේ දිවා ආහාරයට – ශ්‍රී ලංකාව 102 ක් පසු පසින්..

කුණූ අප්‍රිකා කණ්ඩායම සමග ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14) දෙවන දිනයේ දිවා අහාරය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවි ලකුණු 133 ක් ලබා සිටියේය.
ඒ අනුව දකුණූ අප්‍රිකාව සිය පළමු ඉනිමට වාර්තා කළ ලකුණූ 235 ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 102 ක් පසු පසින් සිටි.
තරගය අත්හිටුවන විට නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි කුසල් ජනිත් පෙරේරා ලකුණූ 37 ක් රැස් කරගෙන සිටියේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වර්නන් ෆිලැන්ඩර් හා ඩෙල් ස්ටේන් කඩුලු 02 බැගින් දවාලුහ.
ලකුණූ පුරුව..