FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 ක් ජීවිතක්ෂයට…

දකුණු ඉරානයේ රජයේ හමුදා ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළු 27 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරාන – පාකිස්ථාන දේශසීමාවේ පිහිටි බලුචිස්ථාන් ප්‍රදේශයේදීයි.
ජයිෂ් අල් අඩි නැමති නව ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.