FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වේග පන්දුවේ ඉරණම ගැන අප්‍රිකාව අසරණ කළ විශ්වගෙන් හෙළිදරව්වක්..

ක්‍රීඩා සමාජ තරග හා ටෙස්ට් ක්‍රිකට් තරග අතර විශාල පරතරයක් පවතින බව දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදිම ලකුණූ 62 කට කඩුලු 04 ක් දවා ගැනිමට සමත්වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දිනය අවසානයේදි පැවති මාධ්ස‍ය හමුවේදි සඳහන් කර තිබේ.
ක්‍රීඩා සමාජ තරගවලදි තරග දිනිමේ පරමාර්ථයෙන් දඟ පන්දු යවන්නන් වැඩි වශයෙන් භාවිත කරන බවත් එහෙයින් වේග පන්දු යවන්නන්ට අඩු පන්දුවාර ගණනක් යැවිමට සිදු වන බවත් ඔහු මෙහිදි පවසා තිබේ.
කෙසේ වෙතත් දකුණූ අප්‍රිකා සංචාරයට පෙර ඔස්ට්‍රේලියා සංචාරයේදි ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරිම ලැබිමෙන් තමා පන්නරයක් ලැබු බවත් එ සමග වේග පන්දු යැවිමේ පුහුණූකරු සමග සිදුකළ කාර්ය පළමු දිනයේදි දක්ෂතා අතරට පැමීණිමට ඉවහල් වු බවද විශ්ව පවසා ඇත.
එසේම පළමු පෙළ තරග සමයෙන් සමයට වේග පන්දු යවන්න්ගේ සංඛයාව අඩු වෙමීන් පවතින බවත් ඊට හේතුව තමා නොදන්නා බවත් විශ්ව ප්‍රනාන්දු මෙහිදි වැඩි දුරටත් පවසා තිබේ.