FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන් .

දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් මෙරට සංචාරයක නිරත වෙමින් සඳහන් කර සිටියේ දිළිඳුභාවය තුරන් කිරීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය අත්කර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ලබාදිය හැකි සහයෝගය පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් ඔහු දිවයිනට පැමිණ ඇත.

සංචාරක / තොරතුරු තාක්ෂණ වැනි අංශ රැසකින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සැපයීමට සූදානම් බවත්  උප සභාපතිවරයා සඳහන් කරයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ  මහ බැංකු අධිපතිවරයා ඇතුලු පාර්ශව රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත