FAST NEWS

24×7 Around the Globe

දිමුත් කරුණාරත්න චන්දිමාල්ට කලින් සීමාව පනියි..

දකුණු අප්‍රිකාව සමග ඊයේ (13) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 28 ක් රැස් කරගෙන සිටි දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණූ 4000 කඩඉම පසු කළ 11 වැනි ක්‍රීඩකයා බවට පත් විමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණූ රැස් කළ ක්‍රීඩකයින් අතර 11 වැන්නා විමටද දිමුත් සමත්ව සිටියි.
වර්තමාන ක්‍රීඩා කරමීන් සිටින ක්‍රීඩකයින් අතුරින් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 4000 සීමාව පැමීණි ක්‍රීඩකයා බවට දිමුත් කරුණාරත්න පත් විමත් සුවිශේෂි වේ.
දිනේෂ් චන්දිමාල් මෙ වන විට ටෙස්ට් ලකුණූ 3768 ක් රැස් කරගෙන සිටින අතර ඒ අනුව ඉදිරියේදිද ටෙස්ට් තරගවලට ක්‍රීඩා කළහොත් ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණූ 4000 කඩඉම පසු කළ 12 වැන්නා වීමේ හැකියාව හිමීවනු ඇත.