FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ – ශ්‍රී ලංකාව 186 ක් පසු පසින්..

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ඩර්බන්හිදි අද (13) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු එක් කඩුල්ලක් නොදැවි ලකුණු 49 ක් ලබා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා ලකුණු 186 ක් පසුපසින් සිටියි.
නොදැවි කඩුල්ලේ රැදි සිටි දිමුත් කරුණාරත්න ලකුණු 28 ක් හා ඔසඳ ප්‍රනාන්දු ලකුණු 17 ලබා සිටියහ.
කාසියේ වාසි දිනු ශ්‍රි ලංකා කණ්ඩයමේ ආරාධනයෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 235 ක් රැස් කළේය.