FAST NEWS

24×7 Around the Globe

සල්මාන් කුමරු පාකිස්තානයේ දෙදින නිළ සංචාරයකට සූදානම් වෙයි…

සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ දෙදින නිළ සංචාරයක් සදහා සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා මෑතකදී සල්මාන් කුමරු ඉමහත් ආන්දෝලනයකට ලක්වූ චරිතයකි.
මෙම සතිය ඇතුළත ඔහු එම චාරිකාවේ නිරත වීමට අපේක්ෂා කරන අතර ආරක්ෂක හේතුන් මත නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර නොමැත.
ඔහුගේ චාරිකාවට පෙරම කිරුළ හිමි කුමරුගේ පෞද්ගලික පරිහරණය සඳහා වූ ගෘහභාණ්ඩ, ව්‍යායාම් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ට්‍රක් රථ 05 කින් පාකිස්තානයට රැගෙන ආ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.