පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීමේ ඉඩක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊට හේතු වී ඇත්තේ ඇය ස්යිට්සරලන්තයේ හා මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීමයි.
කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වුවහොත් මනාප ප‍්‍රතිඵල අනුව පියසේන ගමගේ මහතා නැවත පාර්ලිමේන්තු යනු ඇතැයිද පැවසෙයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මේ වන විටත් අදාල අංශ කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් කුමාරසිංහ මහත්මිය පවසන්නේ මේ වන විටත් සිය ස්විට්සර්ලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීමට ඉල්ලා ඇති බවයි.








