FAST NEWS

24×7 Around the Globe

එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට රුසියාව සමග සාකච්ඡා…

එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා පෙළක් රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක, ස්පුට්නික් නැමැති රුසියානු වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත.
භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන, සෝදිසි මෙහෙයුම්, මුදා ගැනීම් මෙන්ම පියාසරන රෝහලක් ලෙස සහ ගිනි නිවන කටයුතු සඳහා යොදා ගත හැකි විවිධ ආකාරවලින් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාව 1990 දශකයේ ආරම්භයේ සිටම එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා මිලදී ගනු ලබන අතර, මේ වන විට එම යානා ලොව පුරා රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක භාවිතයට ගැනෙනවා.
දයාන් ජයතිලක මහතා සඳහන් කර ඇත්තේ ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරතවීම සඳහා ශ්‍රී ලංකාව එලෙස මෙම බහු කාර්ය හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට අදහස් කරන බවයි.