FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකාවේ තේ සදහා ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක්…

ශ්‍රී ලංකාවේ තේ සදහා ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ඉදිරි මාස 03 ඇතුළත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා පවසයි.
චීනය, ජපානය, රුසියාව , ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය , යුක්රේනය හා ඔස්ට්‍රේලියාව ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.
අදාළ වැඩසටහන සදහා රුපියල් බිලියන 02 .05 ක මුදලක් වෙන් කර ඇති අතර සාමාන්‍ය ප්‍රචාරක ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවේ.