FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව උතුරු කොරියාවෙන් වාර්තාවක් ඉල්ලයි…

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා පැවැත්වීමට ප්‍රථම උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් වාර්තාවක් ඇමරිකාවට ලබාදිය යුතු බව ඇමරිකානු නියෝජිත ස්ටීවන් බියුගන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ අතර දෙවන වටයේ සාකච්ජා මේ මස 27 සහ 28 දෙදින තුල වියට්නාමයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඊට පෙර මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන බවට උතුරු කොරියාව පොරොන්දුවක් ලබාදී ඇති බව ඇමරිකානු නියෝජිතයා සඳහන් කළේය.