වෙනිසියුලානු වැසියන් හට ලබා දීම සඳහා අමෙරිකාව විසින් කොලොම්බියාවට රැගෙන ආ ආධාර ද්‍රව්‍ය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති නමුත් එම ආධාර රට තුළට ගෙන ඒමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව වෙනිසියුලානු ජනාධිපති නිකලස් මාදුරෝ සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආධාර මුවාවෙන් සිය රටට එරෙහිව කුමන්ත‍්‍රණ මෙහෙයවිම අමෙරිකාවේ අරමුණ බව ඔහු චෝදනා නගයි.
රට තුළ පවතින උග‍්‍ර දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ වෙනිසියුලානු වැසියන් මේ වනවිට පසුවන්නේ දැඩි ආහාර හිගයකට මුහුණ දෙමින්.
ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය රැසක් ද අදාළ ආධාර තොගය තුළ අන්තර්ගත බව විදෙස් වාර්තා අනාවරණය කරයි.









