FAST NEWS

24×7 Around the Globe

තද වැසි සහ හිම කුණාටුවක් හේතුවෙන් දිල්ලියේ ගුවන් ගමන් රැසක් අවලංගුයි…

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රැසක් අඩාල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තද වැසි සහ හිම කුණාටුවක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති අතර හිම කුණාටුව නවදිල්ලි අගනුවරට මෙන්ම යාබද නගර රැසකට ද බලපා තිබේ.
ඊයේ පස්වරු 6.00 සිට 8.45 දක්වා කාලය තුළ ගුවන් ගමන් 38 ක් ජායිපූර්, ලක්නව්, අමිර්ත්සාර්, වාරනාසි සහ ඉන්දෝර් ගුවන් තොටුපළ වෙත හරවා යැවූ බව දිල්ලි ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේය.
මේ අතර, කාශ්මීර කලාපයට ද දැඩි හිමපතනයක් ඇති වී තිබෙන අතර, ශ්‍රී නගර් ගුවන් තොටුපළේ සියළු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.