FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට දකුණු අප්‍රිකාව සංචිතය නම් කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ විමට නියමීත තරග 02 කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකා සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 14 ක් ඇතුළත්ය.
සංචිතය:
ඩු ප්ලෙසිස් (capt), හෂිම් අම්ලා, ටෙම්බා වේව්, ටියුනිස් ඩි බෲන්, ක්වින්ටන් ඩි කොක්, ඩීන් එල්ගර්, සුබෙයිර් හම්සා, කෙෂව් මහරාජා, අයිඩ්න් මාක්රාම්, වියන් මුඩ්ලර්, ඩුවෑන් ඔලිවියර්, වර්නන් ෆිලන්ඩර්, කගිසෝ රබාඩා, ඩේල් ස්ටේන්