FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා ගාන්ධිගේ සැමියාට මූල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල වෙයි…

 

පසුගියදා දේශපාලන තරග බිමට පැමිණි ප්‍රියංකා ගාන්ධිගේ සැමියා වන ව්‍යාපාරික රොබට් වද්‍රා ට මූල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ලවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පැමිණෙන ලෙස ඉන්දීය මධ්‍යම පර්යේෂණ කාර්යාංශය ඔහුට දැනුම්දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේ නමුත් මේ පිළිබඳ හෝඩුවාවක් ලැබීමත් සමඟ තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් ලබාගැනීමට රොබට් වද්‍රා කටයුතු කර තිබේ.

ලන්ඩනයේ ඔහු සතු නිවහන් කිහිපයක් කොංග්‍රස් පක්ෂය බලයේ සිටි සමයේ උපයාගත් ධනයෙන් මිලදී ගත් බවට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය චෝදනා නගයි.